මෙම පෙම්වතා වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකි.පෙම්වතිය වීරකැටිය ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි බාලවයස්කරියකි.මෙමෙ බලවයස්කරිය අමතර පන්ති වලට සහභාගී වීමට වලස්මුල්ලට ගිය අවස්ථාවේ මෙම තරුණයා මුණගැසී එහිදී පෙම්වතුන් වී ඇත.පසුව මොවුන් නොයෙක් ස්ථානවලදී තනිව මුණගැසී ඇති අතර තරුණිය මෙම තරුණයා නිවසටද ගෙන්වාගෙන ඇත.
දිනක් තරුණියගේ පියා මළගෙදරක ගොස් නිවසට පැමිණෙන විට රාත්‍රී 12.00 පමණ වී තිබිණි.ඔහු නිවසට ඇතුළු වනවිට නිවසේ දොරකඩ තිබු නාඳුනන සෙරෙප්පු දෙකක් දුටු ඔහුට සැක සිතී ඇත.පසුව සොයාබැලීමේදී තරුණියගේ ඇඳ යට සැගවී සිටි අදාල තරුණයා හසුවී ඇත.
එදින රාත්‍රියේම එමතරුනය වීරකැටිය පොලිසියට භාර දීමට පියා කටයුතු කර ඇත.එදින තරුණියගේ මව අවුරුදු 7ක සහ මාස 10ක දරුවන් දෙදෙනෙකු සමඟ නිවසේ සිටියදී මවටත් හොරෙන්ම මෙම තරුණයා නිවසට ගෙන්වාගෙන ඇත්තේ මෙම තරුණියයි.
තමන් දෙදෙනා ලිංගිකව හැසිරුණ බව ඔවුන් දෙදෙනා පොලිසියට පවසා ඇත.බාලවයස්කාර තරුණිය වීරකැටිය රෝහලට ඇතුලත් කර ඇති අතර වෛද්‍ය පරීක්ෂණ සඳහා හම්බන්තොට රෝහලට ඇතුලත් කිරීමට නියමිතව තිබිණි.සැකකාර තරුණය හම්බන්තොට දිසා/මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
No comments:
Post a Comment